ඇලයාපත්තුව විදුහල් මාතා අභිමානවත් ඉතිහාසයෙන්
බිඳක්
උතුරු මැද පළාතේ අනුරාධපුරු දිස්ත්‍රීක්කයේ මධ්‍යම
නුවරගම් පළාතේ තුලාන 286 ඇලයාපත්තුව ග්‍රාම සේවා වසමේ අ/ඇලයාපත්තුව ජාතික පාසල
පිහිටා ඇත. මෙම පාසලේ උත්පත්තිය සිදු වන්නේ S.W.R.D.බණ්ඩාරනායක මහතා 1956 පිහිටුවන ලද රජය යටතේ 1957 –
06 – 02 දිනයේ ය. මෙලෙස උපත ලද පාසල් මාතාව පිහිටි ප්‍රදේශයේ පෞරාණික තොරතුරු සොයා
බලමු.
පූරව ඓතිහාසික යුගය අවසාන භාගයේ ශ්‍රී ලංකාවේ ජනාවාසකරණය
සිදුවන්නේ වියළි කලාපය කේන්ද්‍රකරගෙන ය.
කදම්භ නදිය හෙවත් මල්වතු ඔය කේන්ද්‍ර කරගෙන අනුරාධගාම හා උපත්තිස්ස ගාම නමින් ගම්මාන
දෙකක් බිහිවන අතර මුල් ඓතිහාසික යුගයේ දී ය. අනුරාධගාමය ශ්‍රී ලංකාවේ ප්‍රථම
අගනුවර බවටත් උපත්තිස්ස ගාම දියුණු වෙළෙඳ නගරයක් බවටත් පරිවරතනය වේ. මෙසේ වරධනය වූ
නගර දෙක අතර අප පාසල අයත් ගම් පියස ස්ථානගත වී තිබේ. මෙසේ ඓතිහාසික වැදගත්කමකින්
හෙබි මෙම ගම්පියසට ඇලයාපත්තුව නැමති නාමය ලැබීම පිළිබඳ ජනප්‍රවාද රැසකි. ඉන් පළමු
වැන්න වන්නේ දේවානම්පියතිස්ස රජතුමාගේ කාලයේ දී බුදු දහම ලැබීමෙන් අනතුරුව
දුමින්දාගමනය (ජයශ්‍රී මා බෝධිය වැඩම විම) සිදු විය. බෝධින් වහන්සේ උතුරේ දඹකොළ
පටුන වරායේ සිට උත්සව ශ්‍රීයෙන් අනුරාධපුර අගනුවර කරා වැඩම වීමේ දී තිවංක බමුණුගම
හෙවත් වත්මන් තන්තිරිමලයේ රාත්‍රියක් නවාතැන් ගත් බව සාහිත්‍ය මූලාශ්‍ර වල දැක්වේ.
ජනප්‍රවාදයට අනුව එම ස්ථානයට ආලෝකය සැපයීම මෙම ගම්වැසියන්ට භාර වූ බවත් ඔවුන්
එය සද්දාභාවයෙන් සිදු කොට ඇත. එබැවින් එළිය පත්තු කොට ආලෝකය සැපයීම නිසා එළියපත්තු
කළ ගම පසු කාලයේ ඇලයාපත්තුව නමින් විවහාර වන්නට පටන් ගත් බව කියවේ. ඊට අමතරව මෙම
ගම ආසන්නයේ ඇලයාපත්තුව වැවක් පිහිටා ඇති නිසා වැවේ නමින් ගම හැඳින්වීම අතීතයේ
පැවති ප්‍රචලිත ක්‍රමයක් වූ නිසා එලෙස හැඳින්වීම සිදු වූවා විය හැකිය.
තවද ශ්‍රී ලංකාවේ මහ වැව් ඉදි කිරීම ආරම්භ කළ වසභ
රජතුමා විසින් ඉදි කළ මයෙන්ති හෙවත් මහාවිලච්චිය වැව මෙම ගම් පියසට 17km ක් පමණ දුරින් පිහිටා තිබීම නිසා අනුරාධපුර රජවරුන්ගේ
අවධානය මෙම ගම සඳහා ලැබෙන්නට ඇත. එමෙන් ම ජය ශ්‍රී මා බෝධීන් වහන්සේ ගේ භාරකාරත්වය
හිමි වූ විහාර 9 මෙම ග්‍රාමයට ආසන්නයේ පිහිටා තිබීම මෙහි ඇති තවත් ඓතිහාසික වටිනාකමකි.
මෙසේ දේශපාලන, ආරථික , ආගමික අංශ වලින් ඉතා
වැදගත්කමකින් යුතු මෙම ගම් පියස අනුරාධපුර රාජධානිය බිඳ වැටීම නිසා යටත් වී ගොස්
නැවත බ්‍රිතාන්‍ය යටත් විජිත යුගය අවසානය එනම් ක්‍රී. ව. 1948 වන විට ජනාවාසවීම
ආරම්භ වී තිබේ. එයට නිදසුන වන්නේ මෙම ග්‍රාමය සඳහා ක්‍රි.ව.1952 වන විට ග්‍රාමීය
රෝහලක් ඉදි කිරීමයි. පාසලට යාබද විහාරස්ථාන ඉදිකරනු ලබන්නේ ද මෙයට සමාසන්න කාලයේ
දී ය. අප පාසල ආරම්භ කරනු ලබන්නේ ක්‍රි.ව.1957/06/02 දිනය. මෙලෙස ක්‍රමයෙන් පාසලක්
සමඟ දියුණුව ආරම්භ වූ ඇලයාපත්තුව ගම් පියස වරතමානය වන විට ප්‍රාදේශීය සභාවක් සහිත
වෙළෙඳසැල් රාශියකින් යුතු උප තැපැල් කාරයාලයක් සහිත සියලු පහසුකම් වලින් යුතු කුඩා
නගරයක් සහිත ගම් පියසක් බවට පත් වී ඇති අතර ගමත් සමඟ පොල් අතු මඩුවෙන් ආරම්භ
වූ අප පාසල ජාතික පාසලක් බවට පත් වී විජයමාන වන්නේ ය.
ඇලයාපත්තුව විදුහල් මාතා සංස්කෘතිය .....
“සාදු සබ්බත්ථ සංවරෝ” සියලු තැන්හි සංවරය යන ආදරශ පාඨයට අනුව ක්‍රියාත්මක
වන අප පාසලේ දැක්ම ”නිපුණත්වයේ
පරිපූරණ යහපත් පෞරුෂයෙන් යුතු නිරමාණශිලී දරුවෙකු වැඩ ලෝකයට බිහි කිරීමයි ” වන අතර එය සාරථක කර ගැනීමට ජාතික අධ්‍යාපන අභිමතාරථ
පදනම් කරගත් පාසල් අරමුණු මූලික කොටගත් උසස් සමාජ මෙහෙවරක යෙදිය හැකි නිරවුල්
මනසකින් සදාචාරාත්මක අභිමානවත් දැඩි අධිෂ්ඨානයෙන් වගකීමෙන් ක්‍රියාකරන්නනෙකු සමාජයට
බිහි කිරීම අපගේ මෙහෙවර වන්නේය.
195706/02 දින පොල් අතු සෙවිලි කළ කුඩා මඩුවකින්
සිසුන් කිහිප දෙනෙකුගෙන් (14) පමණ ආරම්භ වූ ඇලයාපත්තුව විදුහල් මාතා වරතමානය
වන විට ප්‍රදේශයේ සුප්‍රසිද්ධ පාසලක් බවට පත්වී තිබේ. ප්‍රාථමික පාසලක් ලෙස
පොල් අතු මඩුවකින් ආරම්භ වුවත් එය වරතමානය වන විට දෙමහල් ශාලාවක් සහිත ස්ථීර
ගොඩනැගිලි ගණනාවකින් යුතු පුස්තකාලයක් , විද්‍යාගාරයක් , ආපන ශාලාවක් හා
සනීපාරක්ෂක පහසුකම් වලින් යුතු සුන්දර පරිසරයක් සහිත ජාතකි පාසලක් බවට සංවරධනය
වී ඇත. ආරම්භයේ සිට මේ දක්වා විදුහල්පතිතුමන්ලා 11 ක් හා ගුරුභවතුන් රැසක්
විසින් ඉහත අරමුණු මුදුන්පත් කර ලීමට තම දායකත්වය ලබා දීම තුළින් මෙම සාරථකත්වය
ඇති කරගැනීමට හැකි විය.
ඉහත දැක්වූ ආදරශ පාඨයට අනුව හා දැක්ම,මෙහෙවරට මෙම
පාසලට අනන්‍ය වූ පාසල් සංස්කෘතිය ගොඩ නැගීම කෙරෙහි පාසල් ගීය බෙහෙවින් ඉවහල්
වී ඇත. තවද ශිෂ්‍යත්ව කඩඉම, සා.පෙළ.කඩඉම, උසස් පෙළ කඩඉම වැනි කඩඉම් පරීක්ෂණ
තුළින් සිසුන් සමත් වන ප්‍රමාණ වසරෙන් වසර වැඩි වෙමින් පවතී. එසේම භාෂා තරග, සමාජ
විද්‍යා තරග, ගණිත තරග, වෙනත් විෂයානුබද්ධ තරග, ක්‍රීඩා තරග වැනි විෂය
සමගාමී තරග ජයග්‍රහණ කරන සිසුන් ගණන දිනෙන් දින ඉහළ යමින් පවතී. එසේ ම මෙම
පාසල් මාතාවගේ සෙවනේ සිප් සතර හැදෑරූ සිසු සිසුවියන් බොහෝමයක් වරතමානය වන විට
සමජයේ ඉහළ තනතුරු හොබවමින් සමාජයට වැඩදායී පුදගලයින් බවට පති වී සිටියි.
රජයේ වෛද්‍යවරුන් දේශීය වෛද්‍යවරුන්, නාගරික කොමසාරිස්, ගුරුවරුන් හා යහපත්
පුරවැසියන් යනුවෙනි. මෙලෙස අප පාසලේ සංස්කෘතිය රට ගොඩ නැගීමේ මහගු කාරයය සඳහා දායක
වීම සතුටට කරුණකි.
ඇලයාපත්තුව පාසල් මතාවගේ ඇකයේ හිඳිමින් සිප්සතර
හැදෑරීම පමණක් නොව සමාජයේ යහපත් පුරවැසියන් ලෙස ජීවත් වීම අත්වැලක් ලෙස ආදරශ
පාඨයයි. දැක්ම හා මෙහෙවරට අනුව චිත්ත සන්තාන ගතව කටයුතු කිරීමෙන් විෂය මාලාව හා
විෂය භාහිර ක්‍රියාකාරකම් සිදු කිරීම හරහා නිරමාණය වූ පාසල් සංස්කෘතිය මනාපිටිවහලක්
වූ ආකාරය ඉතා හොඳින් චිත්‍රනය වන්නේ ය.
No comments:
Post a Comment